අවුරුදු 18ට අඩු ළමුන්ට එන්නත් ලබාදීමට යැයි පවසමින් ළමුන්ගේ තොරතුරු රැස්කිරීමට ව්‍යාජව සකස් කළ ගූගල් අයඳුම්පතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
මේ පිළිබඳව ඩේලිමිරර් වෙබ් අඩවියට අදහස් දක්වා ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ රංජිත් බටුවත්ත මහතා පවසා ඇත්තේ ඒ ආකාරයේ කිසිම වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් හඳුන්වා දී නොමැති බවයි.
“මේක ව්‍යාජ තොරතුරු රැස්කිරීමක්, එය භයානක වෙන්න පුළුවන්. එම තොරතුරු රැස්කිරීමට කිසිම ආකාරයක තොරතුරු දෙන්න එපා” යැයි ඔහු පැවැසීය.
එසේම මේ පිළිබඳව පොලිස් සයිබර් අපරාධ ඒකකයට හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි කළ බවත් අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.