වීරසූරිය කන්ද, පස්යාල ප්‍ර දේශයේ පවත්වාගෙන ගිය ලියාපදිංචි නොකළ වෛද්‍ය මධ්යස්ථාකයක් තුළ ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්පෙති හා කරල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
වීරගුල පොලිස් නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත ඊයේ (15දා) සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද දිනයේදී අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.