ව්‍යජ ආකාරයට මෙරට මුදල් නොට්ටු මුද්‍රණය කළ පිරිස් විසින් ව්‍යජ ආකාරයට ඩොලර් නොට්ටු මුද්‍රණය කර තිබෙන බවට හෙළිව තිබෙන නිසා ඩොලර් නොට්ටු ගණුදෙනු කරණ පිරිස් හා මුල්‍ය ආයතන මේ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.
ව්‍යජ මුදල් නොට්ටු මුද්‍රණය කිරිමට අදාළව පොලිස් ස්ථාන විසින් පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් පිරිස් පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව සිදුකළ පරික්ෂණවලදි සැකකරුවන් දෙදෙනෙකු ඩොලර් සියයේ(100) නොට්ටු මුද්‍රණය කර තිබෙන බවට හෙළී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
යම් ලෙසකින් ව්‍යජ ලෙස සකස් කළ ඩොලර් නොට්ටුවක් හෝ මෙරට මුදල් නොට්ටුවක් ඔබ අතට පත් වුවහොත් ඒ පිළිබඳව 0112326670 හෝ 0112320145 දුරකථන අංකවලට දන්වන ලෙසද ඉල්ලා සිටියි.
ඩොලර් නොට්ටු මුද්‍රණය කළ බවට අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කන්තලේ හා අනුරාධපුර ප්‍රදේශවලදි ඩොලර් නොට්ටු මුද්‍රණය කිරිමට යොදාගත් උපකරණ සමග අත්අඩංගුවට ගෙන ඇත.