දිවයිනට ගිණිකොන දෙසින් වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් හෙට (26දා) රාත්‍රී සිට දිවයිනේ (විශේෂයෙන් නැගෙනහිර, උතුරුමද, උතුර හා ඌව පළාත්වල) වැසි තත්ත්වය වර්ධනය වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, වයඹ හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.