ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමන් විසින් කළ ආරාධනාව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා භාර ගැනීම පිළිබඳව ස්තූතිය ප්‍රකාශ කරන නමුත් එම විවාදය පෞද්ගලික රූපවාහිනියක සිදුකිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මහතා විවාදයකට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කළ අතර සජිත් ප්‍රේමදාස මහතා පැවැසුවේ එම අභියෝගයට තමන් සූදානම් බවත් එය උදා ගම්මානයක පැවැත්විය යුතු බවත්ය.
කෙසේ වෙතත් එවැනි විවාදයක් උදාගම්මානයක පැවැත්වීම ප්‍රෙයෝගික නොවන බවත් එම විවිදයට පෞද්ගලික රූපවාහිනියක් යොදා ගත හැකි බවත් හිටපු අමාත්‍යවරයා පවසයි.