Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක් පාර්ලිමේන්තු කටයුතු තහනම් වී තිබේ.
ඒ සඳහා පැවැති ඡන්ද විමසීමෙන් ආණ්ඩු පක්ෂය ජය ගනු ලැබීය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩ කිරීම හේතුවෙන් ඔවුන්ට මෙම තහනම ලබාදී ඇත.
ඒ අනුව ඔවුන් දෙදෙනාට අද සිට පාර්ලිමේන්තු කටයුතු තහනම් වෙනු ඇත. ප්‍රසන්න රණවීර මහතගේ යෝජනාවට පක්ෂව ඡන්ද 41ක් හා විපක්ෂව ඡන්ද 21ක් ලැබුණි.
විමල් වීරවංශ මහතාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 29ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 21ක් ලැබුණි.
popular news
Champa Friday, 21 September 2018 02:49 PM
කෝ එතකොට විජයකලාට පාර්ලිමේන්තුව තහනම් කලාද? ඒකට චන්ද විමසීමක් අවශ්‍ය නැහැ. විජයකලා කලේ ව්‍යවස්ථාව කඩ කිරීමක්. එතකොට ස්ථාවර නියෝග කඩ කිරීම ව්‍යවස්ථාව කඩ කිරීමට වඩා ඉහල වැරැද්දක්ද? අනිත් එක තාම නඩු දැම්මෙත් නැහැ. හැබැයි තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට නම් හිටු කියලා නඩු දානවා. අලුත් නීති හදනවා. අලුත් උසාවි දානවා. --- මොකක්ද මේගොල්ලෝ කඩ කලේ? මට නම් දැන් මතකත් නැහැ. එතකොට ඒකාබද්ධ විපක්ෂේ දන්නේ නැත්ද චන්ද විමසීම ගැන? 21ක් විතරද හිටියේ? ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු පැමිණීම කිසි කමකට නැහැ. විමල් නැති සති දෙකේ සිද්ධ වෙන දේවල් ගැන ඇහැගහගෙන ඉන්න වෙයි. මම දැන් මාස තුනකට උඩදී විතර වගේ කිව්වා ඊළඟ අවුරුදු එකහමාර මේ ආණ්ඩුව මොනව කරයිද දන්නේ නැහැ. ඒ හින්ද ඒකාබද්ධ විපක්ෂය හරිම කල්පනාවෙන් ඉන්න ඕනේ කියලා. මේක වුන එක හොඳ පාඩමක් කියලා දෙනවා. මීට පස්සේ පාර්ලිමේන්තු නීති කඩන්නේ නැතුව වගකීමෙන් යුතුව හැසිරෙන්න. ඒ මොකොද කිව්වා නම්, ආණ්ඩුව මේ විදිහට තව මන්ත්‍රීවරු පිරිසකට එක පාර පාර්ලිමේන්තුව තහනම් කරලා මොකක් හරි පනතක් පාස් කරගන්න බලන්න පුළුවන්. එතකොට විරුද්ධ චන්ද අඩු වෙනවා.
Reply : 2 12
Champa Friday, 21 September 2018 03:03 PM
අනිත් එක ඒකාබද්ධ විපක්ෂයේ අසමගිය දැන් දැන් රටටම ලොකු හිසරදයක් වේගෙන එන බව මතක තිය ගත්තොත් හොඳයි. හුඟක් වෙලාවට මිනිස්සුත් අපහසුතාවයට පත් වෙනවා. ඒකට විමලුත් වග කියන්න ඕනේ. විමල් දැන්වත් ගෝඨාභය පස්සේ යන එක නවත්තලා ඒකාබද්ධ විපක්ෂය ගැන හිතන්න පටන් ගන්න. ප්රසන්නත් බැසිල්ගේ මිනිහෙක් මං හිතන්නේ. පැහැදිලිවම ඒකාබද්ධ විපක්ෂේ කල්ලි දෙකක් ඉන්නවා. ලැජ්ජයි. මහා ලොකුවට ඕගොල්ලෝ නේද රට එකතු කරන්න ජනතාව එකතු කරන්න කතා කලේ? රටක් සමගි වෙන්නේ කොහොමද ඒකාබද්ධ විපක්ෂේ මේ අහක යන ගෝඨාභයයි බැසිලුයි එක්ක කල්ලි හදාගෙන? 2015 ඔය දෙන්නම හිටියේ නැහැ. ඒකාබද්ධ විපක්ෂේ හැමෝටම කියන්නේ, ඉස්සෙල්ල ආදර්ශයක් දෙන්න රටට. රටේ අනිත් පිරිස් එකතු කර ගන්නේ කොහොමද ඇතුලේ ඇතුලේ මිනිස්සුවත් එකතු කර ගන්න බැරිව? මම දැකල තියෙනව මිනිස්සු comments දානවා හිටපු ජනාධිපතිතුමා එයා වටේ ඉන්න පිරිස අත්ඇරලා එනව නම් එතුමාට ඕනේ සහයෝගයක් දෙනවා කියල. මිනිස්සුට එපා වෙන තැනට වැඩ සිද්ධ කරන්න එපා. ඊළඟ ජනාධිපතිවරණෙ ඕනේ නම් හිටපු ජනාධිපතිතුමාට තනිවම වුනත් මෙහෙයවන්න පුළුවන් බව කවුරු කවුරුත් මතක තියා ගත්තොත් හොඳයි. එතුමාගේ උදව්වට ඕනේ තරම් පිට මිනිස්සු එයි.
Reply : 13 12
chathuri Friday, 21 September 2018 04:44 PM
මේ. ටික. කාලෙට පාසලකට අරින්න නියම. කරන්න පාර්ලිමේන්තුවේ. හැසිරෙන. විදිය. ඉගෙන. ගන්න. පාසල් ළමයි. හරිම විනීත. විදියට ගරු ඇතිව. මෙම ස්ථානයට පැමිණෙන්නේ. , සමහරු. හැසිරෙන්නේ. වදුරෝ වගේ. එක. එක දේවල්. උදුරාගෙන වටේ. දුවනවා
Reply : 0 0
Champa Friday, 21 September 2018 06:03 PM
ඉස්සෙල්ල comments දෙක ලිව්වේ ආපු තරහට. මට කේන්ති ගියේ තව චන්ද 9ක් ඉන්ද ගන්න බැරි වෙච්ච එක ගැන පුළුවන් කම තියෙත්දිත්. ප්‍රසන්නට චෝදනාවක් තිබ්බට වීමල්ට මෙහෙම චෝදනාවක් කලින් තිබ්බේ නැහැනේ. මට මෙදා මොකක්ද වුනේ කියලා හරියට මතක නැහැ ඇත්තටම. මේ විජයකලා ගැන කෑගහපු දවසද? නැත්නම් වෙන දවසක්ද? ස්ථාවර නියෝග කඩ කළා නම් කථානායකතුමා එපෑය ඒ වෙලාවේ තීන්දුව දෙන්න. කිරිඇල්ල මේ විදිහට පස්සේ motion ගේන්නේ මොකොටද? වෙන මොකක් හරි මෙතන ඇති පාර්ලිමේන්තුවේ විමල් කතා කරන එක නවත්තන්න. මට මතක නැහැනේ මේක මොකක්ද කියලා. විමල්ගේ කට වහන එක ආණ්ඩුව එදා ඉඳන්ම අංක එකට තියාගෙන හිටපු දෙයක්. පාර්ලිමේන්තුවේ තීන්දු තීරණ ඔක්කොම පක්ෂග්රාහියි. කතානායකගේ වැඩේ සභානායක කරනවා. අගමැතිගේ වැඩේ විපක්ෂ සංවිධායක කරනවා. මම දැක්ක විමල් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට විකුනන එක ගැන නිවේදනයක් දාල තියෙනව. මේ වගේ මර්දන එන්න එන්න විමල් තව ශක්තිමත් වෙනවා කියන එක මිනිස්සු දන්නවා. 2015 ඉඳන් විමල් රට වෙනුවෙන් කරන මෙහෙවර කාටවත් අමතක නැහැ. හිත නරක් කර ගන්න එපා. දළදා සමිඳු පිහිටයි ඔයාට!
Reply : 0 0
Champa Friday, 21 September 2018 11:01 PM
I feel like withdrawing my comments. මොකක්ද ඇත්තටම මෙතන වුනේ? ඕගොල්ලෝ පැරදුනේ ඕනෙකමින්ද? මට කරන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය පැත්ත දිහා බලපුවහම නම් එහෙමයි පේන්නේ. ජාතික නිදහස් පෙරමුණේ කවුරුවත් නැහැ. හැමදාම වගේ පාර්ලිමේන්තු යන විමලුත් නැහැ. මහින්ද චමල් නාමල් තුන්දෙනාම ඉන්න විදිහක් නැහැනේ මොකක් හරි විශේෂයක් නැත්නම්. ඒ තුන් දෙනා ඇවිල්ල අනිත් මන්ත්‍රීවරු නෑවිත් ඉන්න කිසිම හේතුවක් නැහැ. කෝ අර අනාථ පිලත් නැහැනේ. කවුරු නැතත් ඒ ගොල්ලෝ ඉන්න එපෑය විමල්ට. Sorry to say but if the loss in votes is deliberate (which is apparent here) it is childish. Grow up guys! Your voters are very much ahead of you!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd