හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ශ්‍රී ලංකාවේ දේශපාලනයට එන බවට වාර්තාවන තොරතුරු අසත්‍ය බව හිටපු ජනපතිනිය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ එම වාර්තා තමන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.
තම පුතාට දේශපාලනයට එක්වීමට කැමැත්තක් හෝ අවශ්‍යතාවක් නොමැති බවත් තම පවුල දේශපාලනය වෙනුවෙන් මුහුණ දුන් කටුක තත්ත්වයන්ට තම පුතා යෙමු කිරීමට අවශ්‍ය නොමැති බවත් ඇය පවසයි.
ශ්‍රී ලංකාවට ආදරය කරන තම පුතාට රට වෙනුවෙන් සේවය කිරීමට ඇති එකම අවස්ථාව දේශපාලනය නොවන බවද ඇය සඳහන් කරයි.
මෙවැනි අසත්‍ය පුවත් මත පදනම්ව තීරණ නොගන්නා ලෙසත් හිටපු ජනපතිනිය සඳහන් කරයි.