විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාවේ නිලධාරිනියකගේ ස්වාමි පුරුෂයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ හා ඇතැම් මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වෛද්‍ය උපදෙස් අනුව අදාළ පුද්ගලයා පී.සී.ආර්. පරීක්ෂණ දෙකකට ලක්කර ඇති එහි ප්‍රතිඵල සෘණාත්මක වී ඇති බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.