19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කරමින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ සඳහා විපක්ෂය විසින් දැඩි විරෝධයක් එල්ල කළේය. ඔවුන් දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ නැගී සිටිමින් විසිවැනි සංශෝධනයට එරෙහිව අදහස් ප්‍රකාශ කළේය.
එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනි වර කියැවීම හෙට (23දා) සිදුකිරීමට නියමිතව තිබේ.
මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ උත්තරීතර පාර්ලිමේන්තුව සඳහා උත්තරීතර නොවන පනත් කෙටුම්පතක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ බවයි.
එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇති ගැටලු හෙට දිනයේ පැවැත්වෙන විවාදයේදී ඉදිරිපත් කළ හැකි බවයි.
විපක්ෂනායක - කැමරාව දෙන්න
කථානායක - කැමරාවද වැදගත් රීති ප්‍රශ්නයද
විපක්ෂනායක - කැමරාව දෙන්න මේක අසාධාරණයි
කථානයක - කැමරාවද වැදගත් රීති ප්‍රශ්නයද? බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා කථා කරගෙන යන්න.