විපක්ෂයේ කෘතහස්තම දේශපාලඥවා රනිල් වික්‍රමසිංහ බවත් ඔහු පාර්ලිමේන්තුට පැමිණීමත් සමග විපක්ෂයේ නායකත්ව අර්බුදයක් හටගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
සාරක්කුව හා දුන්ගල්පිටිය වෙරළ තීරයේ පිරිසුදු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“ජනතාව කැමති උනත් අකමැති උනත් විපක්ෂයේ කෘතහස්තම දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට එනවත් එක්ක විපක්ෂය තුළ නායකත්ව අර්බුදයක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. මොකද එතනත් එක් පක්ෂයක් නෙමෙයි කණ්ඩායම් ගණනාවක් සිටින නිසා.
එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා ගිය අය තමයි බහුතරයක් ඉන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් සමග එකට සිටි අය තමයි අනෙක් අය. මේ අය ටික කාලයක් යන විට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළට ඒම හරහා නායකත්වය ගැන බලාපොරොත්තු තියාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහත්මයා, චම්පික රණවක මහත්මයා, රාජිත සේනානායක මහත්මයා ඇතුළු සියළු දෙනා අතරින් කවුරු අවසානයේ නායකයා වශයෙන් මතුවෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා නායකත්ව අර්බුදයක ලකුණු අපට පේනවා.”