විපක්ෂනායක ධුරය පිළිබඳ ගැටලුව ඒකාබද්ධ විපක්ෂයට සටන්පාඨ නොමැති බැවින් කාලය කා දැමීමට කරළියට ගෙනාවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සඳහන් කරයි.
මෙම ප්රශ්නය රටේ ප්‍රශ්න යට ගැසීමට ආණ්ඩුව ගෙන ආ එකක් බවට මතයක් ඇති වුවත් එය ඒකාබද්ධ විපක්ෂය ගෙන ආවක් බවද එම පෙරමුණෙ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
විපක්ෂනායක ප්රශ්නය කරළියට ගෙන ආවද, ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ පිරිස් බවටත්, සන්ධානයේ පිරිස් ආණ්ඩුවේ සිටින බවටත් මතක තබා ගත යුතු බවද හෙතෙම කියා සිටියේය.