වන අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සඳහා නව තාක්ෂණික දැනුම හා ඉලෙක්ට්‍රොනික් මෙවලම් භාවිත කිරීමට පියවර ගෙන ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙ වසර තුළ මියගිය වන අලින් 175 දෙනාගෙන් 07 දෙනෙකු දුම්රියේ ගැටීම නිසා මියගොස් තිබේ.
වන අලින් දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙතෙක් සකස් කළ වැඩපිළිවෙළවල්වලින් සාර්ථක ප්‍රතිඵල අත් නොවීම නිසා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.