වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ තමාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවත්, මේ වනවිට මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් පවසා සිටියි.
ගුවයිඩෝ සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ තමා හුදෙකලා වී සිටින බවත් රට තුළ ඇති වන ආසාදන සංඛ්‍යාව පිළිබඳව කනස්සල්ලෙන් පසුවන බවත්ය.
"වසංගතයෙන් පීඩා විඳින වෙනිසියුලානු ජාතිකයන් දහස් ගණනක් වෙත මගේ සහයෝගය ප්‍රකාශ කිරීමට මට අවශ්‍යයි. අද අප සැමට කොවිඩ්-19 බලපෑමට ලක්වූ ඥාතියෙකු හෝ මිතුරෙකු සිටිනවා." වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ වැඩිදුරටත් සඳහන් කර තිබේ.