වනසතුන් දඩයම් කිරිම සදහා උගුල් අටවන අයට සහ දඩ මස් අලෙවි කරන අයට එරෙහිව දැනට අධිකරණය හමුවේ ලබාදෙන දඩුවම් වලට වඩා දැඩි දඩුවම් ලබාදිමට අවශ්‍ය අණ පනත් පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා බව වනජිවි සහ වනසංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.
සි.බි.රත්නායක අමාත්‍යවරයා මාධ්‍යයට අද (24) දින විශේෂ ප්‍රකාශයක් කරමින් එ බැව් කියා සිටියේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ වනසතුන් දඩයම් කිරිම සදහා වනජිවි කලාපවල , වන සංරක්ෂණ ප්‍රදේශවල සහ තේ වතු ආශ්‍රිතව උගුල් අටවන අය අත්අඩංගුවට ගැනිම සදහා වනජිවි දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් වැඩසටහනක් දියත් කර ඇති බවයි.
මැත කාලයේදි අටවන ලද උගුල් වලට හසුවි වනසතුන් විශාල ප්‍රමාණයක් මිය ගිය බවත් , එය කඩිනමින් නතර කිරිමට පියවර ගන්නා බවද අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.
උගුල් වලට හසුවන වනසතුන් කඩිනමින් මුදවා ගැනිම සදහා ගම්පොල ප්‍රදේශයේ සහ නල්ලතන්නිය හෝ හැටන් යන ප්‍රදේශවල වනජිවි පශු වෛද්‍යයවරයෙකු ඇතුළු වනජිවි නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් එම ප්‍රදේශවල ස්ථාපනය කිරිමට මේ වන විටත් වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට උපදෙස් ලබා දි ඇති බවයි සි.බි.රත්නායක අමාත්‍යවරයා කියාසිටියේ.