වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ සිමෙන්ති සංස්ථාවට අයත් භූමියක සිදුවු වන සංහාරය පිළිබදව සොයා බැලිම සදහා වනජීවි වන සංරක්ෂණ ඇමති පැමිනි රැස්විම මාධ්‍යවේදින්ට තහනම් විම නිසා රැස්විම පැවති වනාතවිල්ලුව පොලිසිය ඉදිරියට වි සිටිමට සිදුවිය.
මෙම වන සංහාරය පිළිබදව මාධ්‍ය දිගින් දිගටම හෙලිදරව් කිරිමෙන් පසු ඒ පිළිබදව සොයා බැලිමට වනජීවි හා වන සංරක්ෂණ ඇමති සි.බි.රත්නායක මහතා ඇතුළු නිලධාරින් රැසක ප්‍රධානත්වයෙන් මෙම රැස්විම වනාතවිල්ලුව පොලිස්ථානයේ සංවිධානය කර තිබුනී.
මෙම රැස්විම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කලින් සංවිධානය කර තිබුනද එය හදිසියේ පොලිස්ථානයට රැගෙන ගොස් තිබුනී.
අදාල රැස්විම සදහා වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් , වනජීවි අධ්යක්ෂ ජනරාල් පරිසර අමාත්‍යංශය , මධ්‍යම පරිසර අධිකාරිය , සිමෙන්ති සංස්ථාව , ප්‍රාදේශීය ලේකම් , පුත්තලම නියෝජ්‍ය පොලිස්පති , පුත්තලම පොලිස් අධිකාරි , වනාතවිල්ලුව පොලිස්ථානාධිපති , වනාවිල්ලුව ප්‍රාදේශීය සභාපති ඇතුළු පිරිසක් එක්වි තිබුනී.
මේ සදහා සියල්ල හෙළි කල මාධ්‍යයට මෙම රැස්විම සම්පුර්ණයෙන් තහනම් වු අතර ඒ මාධ්‍යවේදින් පැමිනි අවස්ථාවේ පොලිස්ථානයේ දොරටු වසා දැමිම පවා සිදුවිනි.
පසුව ප්‍රධාන දොරටුව විවෘත වුවද මාධ්‍යයට එම රැස්විම ආවරණය කිරිමට අවස්ථාව අහිමි කර තිබුනී.
මේ පිළිබදව සි.බි .රත්නායක ඇමතිවරයාගෙන් මාධ්‍යවේදින් කල විමසිමේදි පවසා සිටියේ මාධ්‍යයට ගරු කරන නමුත් ඇතැම් ඒවා මාධ්‍යයට දිය නොහැකි බවයි.