වනජීවී ක්ෂේත්ර නිලධාරීන්ට ලබාදෙන දීමනාව ඉහළ දමන ලෙස හෝ ඒ වෙනුවට අතිකාල දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා අද (20 දා) සවස 4.15 සේවයෙන් ඉවත්වන බව වනජීවී ක්ෂේත්ර නිලධාරීන් සඳහන් කරති.
නැවත 24 වනදින උදේ 8.30ට සේවයට වාර්තා කරන බවත් මේ මස 29 වන දින වනවිට ගැටළුවට විසඳුම් නොලැබුණහොත් 29 වන දින සිට අකුරට වැඩකිරීමේ ක්රියාමාර්ගයක් දියත් කරන බවද සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරී සංගමය සඳහන් කරයි.
ක්ෂේත්ර නිලධාරීන් පැය 24 පුරාම රාජකාරී කටයුතු කලයුතු බවත් ඒ වෙනුවෙන් මාසයකට ලබාදෙන්නේ රුපියල් නවදහසක දීමනාවක් බවද එම සංගමයේ සභාපති R.S.S රණවක ආරච්චි මහතා සඳහන් කළේය.
එය වර්තමානයට නිසිලෙසකින් ගැලපෙන දීමනාවක් නොවන බවත් දීමනාව ඉහළ දැමීමට කටයුතු නොකරනවා නම් ඒ වෙනුවට අතිකාල ලබාදිය යුතු බවද පවසා සිටියේය.