මාතලේ, රජ්ජම්මන වනජීවී කලාපය තුළ වනඅලි මෙහෙයුමක් අතරතුරදී වනඅලියෙකුගේ පහරදීමෙන් වනජීවී අඩවි සහකාර නිලධාරියෙකු අද ( 15) දහවල් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගොස් ඇත්තේ රත්තොට, කුඹල්ඔලුව පදිංචි 42 හිවිරිදි මෛත්රී මධුශාන් වික්රමසිංහ නම්වූ එක්දරු පියෙකු වන අතර මොහු රජ්ජම්මන වනජීවී කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකි.
නාඋල, ලිහිනියපිටිය ප්රදේශයේදී දස සිල් මාතාවක් වනඅලි පහරදීමකින් මියයාමත් එම ප්රදේශ ආශ්රිතව ජන ජිවිතයට බාධා කරමින් සැරිසරන වනඅලි කණ්ඩායමක් පළවා හැරීම සඳහා මෙම මෙහෙයුම 14 දින ආරම්භ කර ඇත.
මාතලේ, උතුරු මාතලේ ප්රදේශයේ වනඅලින් සිටින ඉසව්වක් සෝදිසි කරන අතරතුරදී මියගිය නිලධාරියා පිටුපස වනඅලියා පන්නාගෙනවිත් පහරදී ඇත.
මියගිය අයගේ මළසිරුර අදාළ ස්ථානයෙන් පිටතට ගැනීමට නොහැකිව වනඅලි රංචුවක් ගැවසීම නිසා මහත් පරිශ්රමයක් දරා මළසිරුර ඉවතටගෙන ඇත.
මියගිය වනජිවී නිලධාරියා මිට වසර හතරකට පමණ පෙරද වනඅලියෙකුගේ පහරකෑමට ලක්ව දිවී ගලවා ගත්තෙකි.
මියගිය අයගේ මළසිරුර මාතලේ රෝහල මෘත ශරිරාගාරයේ තබා ඇත.
මහවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
රත්තොට - රුවන් ධනංජය