වනඅලියකු කළ පහරදීමකින් එප්පාවල, තිඹිරිවැව ප්‍රදේශයේ දෙදරු පියෙකු ඊයේ (27) රාත්‍රියේ ජිවිතක්ෂයට පත්ව ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල, තිඹිරිවැව යන ලිපිනයේ පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ කපුරුබණ්ඩාගේ කුමාරසිරි හේරත් (ජානක) නම් දෙදරු පියෙකි. ජීවිතක්ෂයට පත් පුද්ගලයා වෘත්තියෙන් ගොවියකු වන අතර, සිය හේනේ වගාවන් ආරක්ෂා කරමින් සිටියදී වගාබිමට පැමිණි වනඅලියකු පළවා හැරීමට යාමේදී වනඅලියා කළ පහරදීමකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පුද්ගලයා තම අසල්වැසියන් පිරිසක් සමග තිඹිරිවැව ගම්මානයට නුදුරින් පිහිටි හේන වනඅලින්ගෙන් ආරක්ෂා කිරීමට ගොස් සිටියදී ඊයේ (27) මධ්‍යම රාත්‍රියට ආසන්නයේ වනඅලියකු පැමිණ වගාවන් විනාශ කරන ශබ්දය ඇසී ජීවිතක්ෂයට පත් පුද්ගලයා හා තවත් පුද්ගලයින් තිදෙනකු වනඅලියා එළවමින් සිට ඇති අතර, එක් වරම පැමිණි වනඅලියා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයට හා මරණකරුට පහරදී ඇති අතර, ඔහුගේ හිසට හා ශරීරයේ ස්ථාන කීපයකට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇත.
අනෙක් පුද්ගලයින් තිදෙනා දිව ගොස් සැඟවී දිවි බේරා ගෙන තිබිණි. වනඅලියා කළ පහර දීමෙන් ත්‍රිරෝද රථයටද දැඩි අලාභ හානී සිදුව තිබිණි.
වනඅලි තර්ජන එම ප්‍රදේශවල පැවතියද ඒ සදහා ස්ථිර විසදුමක් මෙතෙක් බලධාරීන් හෝ නිලධාරින් සිදු නොකිරිම හේතුවෙන් තවත් ජිවිතයක් මෙලෙස වනඅලියකු බිලිගත් බව ගම්වාසින් චෝදනා කර සිටි. අලි වැටක් ගම ආවරණය වන පරිදී ඉදි කළද වනඅලින් දිගින් දිගටම එම අලි වැට කඩා දමමින් ගම්වදින බව ගම්වාසීන් පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මරණකරුගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවිණි.