විධායක ජනපතිධුරය අහෝසි කිරීම, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම හා චීන ආයෝජන මත හම්බන්තොට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා දැනුවත් කර තිබේ.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එංගලනත්යේ කළ සංචාරකයදීය. මීට අමතරව මත්තල ගුවන් තොටුපොළ ආශ්රිත කටයුතු සඳහා ලබා ගැනීමට අපේක්ෂිත ඉන්දියානු සහභාගීත්වය පිළිබඳවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇත.
එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා සමග ද සාකච්ඡා පැවැත්වා ඇති අතර එහිදී යාපනය - මන්නාරම අතර ඉදිවන දුම්රිය මාර්ගය, පුනරීන් නව නගරය, පළාලි ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලැබෙන ඉන්දියානු ආයෝජන මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්‍රිතව ලැබීමට නියමිත ඉන්දියානු සහ ජපාන ආයෝජන පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කරන ලදී.
මේ අතර ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ පාලම් සහ රෝහල් ඉදිකිරීම ආදී කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍ය වෙළඳ හා ආයෝජන ඉඩ ප්රස්ථා පිළිබඳව සොයා බැලීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍යයේ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ග්‍රෙග් හෑන්ඩ්ස් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇත.
ඒ ඔවුන් දෙදො අතර පැවැති සාකච්ඡාවකදීය. කොළඹ වරාය නගරයේ සංවර්ධන කටයුතු පිළිබඳව රාජ්‍ය - පුද්ගලික හවුල්කාරීත්වය ගොඩනැගීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විශේෂඥ දැනුම ලබා දීම පිළිබදව ද රාජ්‍ය අමාත්‍ය ග්‍රෙග් හෑන්ඩ්ස් මහතා අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.