විදෙස් රටවල සිටින පුද්ගලයින්ගේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවී මුදල් වංචා කළ පුද්ගලයෙකු වව්නියාව වෙප්පකුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ වැටලීමකදීයි.
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.