පවතින ත්ත්වය හමුවේ මෙරට විදෙස්ගත ශ්‍රමිකයන් හා පුරවැසියන් පිළිබඳ සොයා බැලීම රාජ්‍යතාන්ත්‍රික වගකීමක් බවත්, ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත්, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉතාලිය ,දකුණු කොරියාව සහ යුරෝපය ඇතුලු අනෙකුත් රටවල සිටින ශ්‍රීලාංකේය ශ්‍රමිකයින් සහ පුරවැසියන් කෙරෙහි මේ අවස්ථාවේ අපි රටක් ලෙස අවධානය යොමු කළයුතු බවත්,
මෙරට ආර්ථිකයේ අති මහත් පංගුවක් ශක්තිමත් කරන්නේ ඔවුන් බවත්, ස්වකීය නෑදෑ හිතමිතුරන්ගෙන් වෙන්ව මේ මොහොතේ ඔවුන් සිටින්නේ හුදකලාව බැවින්,ඔවුන්ගේ සුරක්ෂිත බව,ඔවුන්ගේ ධෛර්යය සහ ආත්ම විශ්වාසය ශක්තිමත් කිරීමද,ඔවුන්ගේ සෞඛ්‍යමය හා අනෙකුත් අවශ්‍යතා පිළිබඳව සොයා බැලීමද අපගේ වගකීමක් බවත් ප්‍රේමදාස මහතා කියා සිටියි.
විදේශ කටයුතු අමාත්‍යාංශය,විදේශ රැකියා අමාත්‍යාංශය,තානාපති අංශ මෙන්ම පොදුවේ රජය, ඔවුන් පිළිබදව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු අතර මෙරට සිටින ඔවුන්ගේ පවුල් පිළිබදව ද අවධානය යොමු කළ යුතු බවත්, එම රටවල් සමග සමීප රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවක යෙදෙමින් ඔවුන් සුරක්ෂිත කිරීම අතිශයින්ම වැදගත් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
තමන් නිරන්තරයෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින අතර මේ ව්‍යසනකාරී මොහොතේ මෙරට සිටින ජනතාව සේම එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ද අත් නොහරින බවත් ඒ මහතා දන්වා සිටියි.