විවිධ ප්රදේශවල පුද්ගලයින් රවටා රුපියල් කෝටි පහකට අධික මුදල් වංචාකර සැඟවී සිටි බව කියන පුද්ගලයෙකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.
විදේශ රටවල රැකියා ලබා දෙන බව පවසා සැකකරු මුදල් වංචා කර ඇති අතර මොහු පොළොන්නරුව, කදුරුවෙල,මුස්ලිම් කොළණිය ප්රදේශයේ නිවෙසකදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ පිහිටි පරගස් වැව පොලිස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ලැබි අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසියේ ප්රකාශකයෙකු පැවසීය.
මෙම සැකකරු විසින් විදේශ රටවල රැකියා ලබා දෙන බවට මුදල් ලබාගෙන වංචා කිරීම් සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන රැසකට මේ වනවිට පැමිණිලි ලැබී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණය වි ඇත. විදේශ රැකියා ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ එකහමාර, ලක්ෂ දෙක, ලක්ෂ තුන, ලක්ෂ පහ ආදී වශයෙන් සැකකරු විසින් මුදල් ලබාගෙන තිබෙන බවද වැඩිදුරටත් හෙළවි තිබේ.
පොළොන්නරුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.