ශ්‍රී ලංකාවේ විවාහ වී ඉන් අනතුරුව විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලදී වෛවාහික නඩු පැවැරීමෙන් ලබා ගන්නා තීන්දු ශ්‍රී ලංකාවේ පිළිගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එම නඩු තීන්දු මීට පෙර ශ්‍රී ලංකාව තුළ මින් පෙර නොපළිගත් අතර ඒ හේතුවෙන් අදාළ පාර්ශ්වයන්ට දුෂ්කරතාවට පත්වීමට සිදුව තිබේ.
මෙරට තුළදී එවැනි තීන්දුවක් අනුව කටයුතු කිරීමට නයම් නැවතත් ඔවුන්ට ශ්‍රී ලංකාවේදි දික්කසද නඩුවන් පැවැරීමට සිදුවෙයි.
ඒ අනුව විදේශයන්හි සිදු කෙරෙන දික්කසාද, විවාහනය අවලංගු කිරීම් හා අධිකරණයමය වෙන්වීම් පිළිගැනීමට හැකිවන පරිදි නීතිමය විධිවිධාන පැනවීම යෝග්‍ය බවට අධිකරණ ඇමතිතුමා විසින් පවුල් නීති උපදේශක කමිටුවට විසින්ද නිර්දේශ කර තිබේ.