රටවල් 20 ක සහ ජාත්‍යන්තර සංවිධානවල විදේශ තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සිනෝෆාම් සමග අනුබද්ධිත චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත නිපදවෙන ආකාරය දැකබලා ගැනීමට ඊයේ (29දා) පැමිණියහ.
චීන සමාගම නිෂ්පාදනය කරනු ලබන කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතෙහි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත්, එම එන්නතෙහි සායනික අත්හදා බැලීම්වල නවතම ප්‍රතිඵල පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමටත් පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයින්ට බීජිං හි සිනෝෆාම් සමග අනුබද්ධිත චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ රසායනාගාර හා නිෂ්පාදන පරිශ්‍රය තුළදී අවකාශය සැලසුන බව චීන මාධ්‍ය පවසයි.
මීට පෙරද කොවිඩ්-19 වසංගතය සමග වඩා හොඳින් සටන් කිරීමේ අපේක්ෂාවෙන් අප්‍රිකානු රටවල් 50ක තානාපතිවරු සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් චීනයේ විශාලතම එන්නත නිෂ්පාදනාගාරය වන සිනෝෆාම් වෙත පැමිණි තිබුණි.