කොරෝනා ආසාදනය වි විදේශයේ සිට මෙරටට පැමිණි පිරිස 522ක් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
අද දිනයේ කොරෝනා ආසාදනය වු 10 දෙනෙකු හමුවිමත් සමඟ මෙරටින් වාර්තා වු මුළු ආසාදිතයින් ගණන 1630ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් 9 දෙනෙක් විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි පිරිස් වන අතර අනෙක් පුද්ගලයා නාවික හමුදා සමාජිකයෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.