විවිධ රටවලින් මෙරට සංචාරය කිරිම සදහා පැමිණි විදේශිකයින් 18 දෙනෙකු ගාලු වරාය පොලිස් බල ප්‍රදේශය තුළදි ස්වයං නිරෝධායනයට ලක්කොට ඇතිබැව් ගාල්ල වරාය පොලීසිය පවසයි.
මෙකි විදේශිය සංචාරකයින් හොටල්වල හා ලැගුම්හල්වල සිට ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බැව් ගාල්ල වරාය පොලීසිය පවසයි.
ස්විස්ටර්ලන්තය, ජර්මනිය, රුසියාව, හොංකො, එංගලන්තය ආදි රටවලින් පැමිණි විදේශිය සංචාරකයින් මෙසේ ස්වයං නිරෝධනයට ලක්කොට ඇත. මේ අතර විදේශිය රටවල සිට පැමිණි ශ්‍රි ලංකිකයින් 11 දෙනෙකු ද සිය නිවෙස්වලට වි ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද පොලීසිය පවසයි. මේ අය අතර ඇමරිකාවේ හා ඉතාලියේ සිට පැමිණි අයද සිටින බව පොලීසිය පවසයි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හා පොලිස් නිලධාරින්ගේ අධික්ෂණය යටතේ මොවුන් ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද පොලීසිය පවසයි.