ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් 2018 වසරේදී දීපව්‍යාප්තව සිදුකළ වැටලීම් වල ප්‍රතිඵලයක් වශයෙන් විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට හසුකරගෙන ඇත.
ඉන් ලත් මුළු ආදායම රු.130,285,824.83 ක් වෙතැයි විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය පවසයි.
2018 වසරේදී ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විශේෂ වැටලීම් මගින් මීටර් වෙනස්කර විදුලිය ලබාගැනීම් සම්බන්ධ සිද්ධීන් 2269 ක්ද, කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධින් 253ක්ද අනාවරණයවී තිබේ.
අද වනවිට සමස්තයක් වශයෙන් 100% කට විදුලියේ හිමිකම ලබාදීමට රජයට හැකිවී තිබේ. එය නීත්‍යානුකූල අයිතියක් සේ සලකා රටේ සෑම පුරවැසියෙකුටම ලබාදීම විෂයභාර අමත්‍යවරයාගේ සහ අමාත්‍යාංශයේ අරමුණයි.
අධික නියඟය සහ අධික තෙල් මිල හමුවේද අඛණ්ඩ විදුලිබලයක් සැපයීමට වත්මන් රජයට හැකිවිය. එවන් තත්ත්වයක් හමුවේ නීත්‍යානුකූල නොවන ක්‍රමවේද ආශ්රයෙන් වංචා සහගත ලෙස විදුලිබලය ලබාගැනීම නිසා ආර්ථික වශයෙන් වැඩි පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට අත්වන බව අමාත්‍යාංශය පෙන්වාදෙයි.
මේ හේතුවෙන් ජාතික ආර්ථිකයට අයහපත් බලපෑමක් සිදුවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දුරකතන අංක 0112422259 ට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කරන අමාත්‍ය කරුණානායක මහතා, අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාත්මක 1901 සහ 1987 ක්ෂණික දුරකතන සේවාද ඒ සඳහා විවෘත බව පවසයි.