ඊයේ (17) පස්වරුව වනවිට විදුලිබල බිඳ වැටීම් 50,000ක් යථා තත්ත්වයට පත් කළ බව විදුලි බල මණ්ඩලය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.
අම්ෆන් සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය නිසා නිවාස රැසකට විදුලිය සැපයීම බිඳ වැටී තිබිනි.
මේ නිසා පැය 24ක් තුළ එම නිවාසවලට විදුලිබලය සැපයීම යථා තත්ත්වයට පත් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංකා විදුලි මණ්ඩලයට උපදෙස් දී තිබිනි.
අමාත්‍යවරයා විසින් අද දින (18) උදෑසන මේ සම්බන්ධව විදුලි බල මණ්ඩලයෙන් කරුණු විමසා සිටි අතර, මේ වනවිට විදුලි බලය බිඳ වැටී තිබුනු සියලු ප්‍රදේශවලට විදුලි බලය ලබා දීම සියයට සියයකින් අවසන් කර ඇතැයි අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
දැඩි සුළං තත්ත්වය නිසා නිවාස 50,000කට පමණ විදුලි බලය ඇණ හිට තිබිනි. එම සියලු නිවාසවලට මේ වනවිට විදුලි බලය ලබා දී තිබේ.