විදුලි මිල සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කර නොමැති බවත් ඒ සඳහා විදුලි බල මණ්ඩලයට හැකියාවක් නොමැති බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
විදුලියට මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බවට වාර්තා වන අදහස් සම්බන්ධයෙන් ප්‍රකාශක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“විදුලිබල පනතට අනුව විදුලි බිල පිළිබඳ මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න අපට ප්‍රායෝගිකව පුළුවන් කමක් නැහැ. එයට හේතුව අපි යම් අවස්ථාවක විදුලිබිල වැඩිකිරීමක් කරනවානම්, අපි මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ලබාගත යුතුයි.
වෙනස්වන ඉන්ධන මිලට සාපේක්ෂව විදුලිබල මණ්ඩලයේ විදුලි ඒකකයක නිෂ්පාදන වියදම සමනය කිරීමට කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කළා. ඒ සම්බන්ධයෙන් විවිධ අර්ථකතනයන් කතා බහට ලක්වෙනවා. මෙයින් කිසිසේත්ම අදහස් වන්නේ නැහැ විදුලි බිලට මිල සූත්‍රයක් ඇතිකරන බවට.”