සියලු ක්‍රියාකාරකම්වල අවසානයේ විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමත්, විදුලිබිල අඩුකර ලංවිම පාරිභෝගිකයාට සහන සලසන ආයතනයක් බවට පත්කිරීමත් ප්‍රධාන අරමුණ විය යුතු බව අමාත් රවී කරුණනායක මහතා සඳහන්ය කරයි.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, අද (28දා) පෙරවරුවේ විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීය. මෙම හමුවට විදුලි වෘත්තීය සමිති 58ක නායෝජිතයින් සහභාගි වුහ.
වෘත්තීය සමිති නියෝජිතයින් බහුතරයක් පෙන්වා දුන්නේ විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් මූල්‍ය විනයකින් තොරව කටයුතු සිදුවන බවයි. අතිරික්ත සේවක පිරිසක් සිටින නමුත් විදුලි සේවා ලබාදීම පුද්ගලික ආයතන වෙත පවරාදීම තුළින් රජයට විශාල පාඩුවක් සිදුවන බව වෘත්තීය සමිති විසින් පෙන්වාදෙන ලදී. විදුලි වෘත්තීය සමිති නියෝජනය කල පුද්ගලයින්ට පුද්ගලිකව දඩුවම් ලබාදීම, පසුගිය වකවානුවේදී කටයුතු සිදුකළ බවත්, ඒ වෙනුවෙන් චක්‍රලේඛ නිකුත්කර ඇති බවටත් ඔවුන්විසින්චෝදනාකරනලදී.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, විදුලිබල මණ්ඩලය තුළ පවතින මූල්‍ය හා සේවක විෂමතා මගහැරවීමට ඉදිරියේදී තමා අපේක්ෂා කරන බවත්, එම කටයුතු වලදී විදුලි වෘත්තීය සමිති සිය පෞද්ගලික අරමුණූ පසෙකින් තබා, එම කාර්යයට සහය ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවත්ය.