සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ඉල්ලීමක් අනුවය.
ඊයේ (14දා) සෞඛ්‍ය අමාත්‍යවරිය වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා දුරකතනය හරහා අමතමින් සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 සම්බන්ධයෙන් සියලු තොරතුරු සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සන්නිවේදනය කරන හෙයින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනම මාධ්‍ය ප්‍රකාශකවරයෙක් අවශ්‍ය නොවන බවයි.