රාගම රෝහලේ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ වෛද්‍යවරියක සිටින කාමරයකට අයුතු ඇතුළුවීමක් සිදුකර ඇය ඇඳුම් මාරු කරන අවස්ථාවේදී ඡායාරූප ගත කළ බව කියන වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සැකකාර වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලේ සේවය කරන අතර ඔහු රාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම මෙම වෛද්‍යවරයා මීට පෙර රාගම රෝහලේ සේවය කර ඇති බවත් ඔහු 35 වැනි වියේ පසුවන සමන්තුරය පදිංචිකරුවෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
පෙරේදා රාත්‍රී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ඊයේ දිනයේදී වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුව මෙවැනි සිදුවීම් දෙකක් පිළිබඳව තවත් පැමිණිලි දෙකක් ලැබී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
එසේම ඔහු ඡායාරූප ගත කළ හො වීඩියෝ ගත කළ බව කියන දුරකතනය රාගම පොලීසිය භාරයට ගෙන තිබේ.