වාද්දූව හෝටලයක පැවැති සාදයක් අතරතුර හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි තවත් අයෙකු අද (06දා) මියගොස් ඇති බව රෝහල් ආංරචිමාර්ග සඳහන් කරයි.
මෙම සාදය පෙරේදා (04) පැවති අතර එහිදී ආසාත්මිකතාවක් හේතුවෙන් රෝගී වූ සිවුදෙනෙකු වාද්දූව රෝහලට ඇතුළත්කොට ඇති අතර ඉන් තිදෙනෙකු ඊයේ (05) ජීවිතක්ෂයට පත් විය. මෙලෙස මියගොස් ඇත්තේ 20,21 සහ 36 වයසේ පසුවන තරුණයන් තිදෙනෙකි.
මෙම සිද්ධියට අදාළව පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ සවස සිදුකළ අතර මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.