දුම්රිය ස්ථානාධිපතිවරයෙකු කොරෝනා ආසාධිත බවට තහවුරු වීමත් සමග වාද්දුව දුම්රිය ස්ථානයේ කාර්යමණ්ඩලය තාවකාලිකව එම දුම්රිය ස්ථානයෙන් ඉවත් කර ඇති බව ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අදට පැවසුවේය.
ප්රවේශපත් නිකුත් කිරීම් හා දුම්රිය නිවේදන කටයුතු සිදු නොවන නමුත් වාද්දුව දුම්රිය ස්ථානය භාවිතා කරමින් දුම්රිය මගීන්ට ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව ඇති අත වාද්දුව දුම්රිය ස්ථානය විෂබීජ හරණය කිරීමට කටයුතු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් දන්වා සිටී.