වාද්දුව පොතුපිටිය ගොරකගහ වත්ත කොරොනා වෛරසය ආසාදිත බාල වයස්කාර ඥාති සොයුරන් දෙදෙනා සමග පසුගිය දින කිහිපය තුළ සෙල්ලම් කළ අනෙකුත් දරුවන් සම්බන්ධයෙන් සොයා බලන බව වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි
වයස අවුරුදු 7 සහ 10 සීමා වල පසුවන එම දරුවන් දෙදෙනාගේ වැඩිහිටි ඥාතියෙකු කොරෝනා වෛරසය ආසාදිත වී සුවය ලබා මීට සිවු දෙනෙක් ට පෙර නිවසට පැමිණ නිරෝධාන වෙමින් සිටින බව එම කාර්යාලය කියයි
තවද වයස අවුරුදු 70 වන එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදිත වී ඇති අතර ඔහුගේ බෑනා වෛරසය ආසාදිත තත්ත්වයට පත්වී සුවය ලබා නිවසට පැමිණ නිරෝධායනය වෙමින් කල් ගෙවන බව එම කාර්යාලය කියයි .
එම ආසාදිත තිදෙනා සමඟ වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 68ක් මේ වනවිට වාර්තා වී ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය