Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන අතර, එය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තවමත් ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක් පවතී. රුපියල් 1000 කතාව පවසමින් මෙවරත් වතු ජනතාව මුළා කරන්නේදැයි ඔවුහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමින් සිටිති.
කැබිනට් තීරණයට මාස 09 ක්
වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත්කිරීම මැතිවරණ පොරොන්දුවක්ද වූ අතර, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය පෙබරවාරි 14දා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. 2020 මාර්තු මස 01දා සිට රුපියල් 1000ක වැටුප් වැඩි කිරීමකට කැබිනට් මණ්ඩල අනුමැතියද හිමි විය. කෙසේ වෙතත් මාස 09ක් ගතවී තිබුණද මෙතෙක් එය ක්‍රියාත්මක වී නොමැත.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමේ අරගලය වසර කිහිපයක සිට පැවත එන්නක් වන අතර, පසුගිය රජය එම වැටුප රුපියල් 750ක් දක්වා වැඩි කළ අතර, 2019 ජනවාරි මස සිට එය ක්‍රියාත්මක විය.
2021 අයවැය යෝජනාව
2021 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මෙසේය.
“වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙම වැටුප ගෙවීමට නොහැකි වතු සමාගම්වල කළමනාකාරීත්ව ගිවිසුම් වෙනස් කර, සාර්ථක ව්‍යාපාර සැලසුම් සහිත සමාගම් සඳහා ඉඩ ප්රස්ථා සැලසෙන ලෙස නීති රාමුවක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරනවා.” යනුවෙනි.
දිගින් දිගටම සාකච්ඡා
වතු සේවකයන්ගේ වැඩුප් ප්රශ්නය පිළිබඳව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡා කිහිපයක් මේ වන විට පවත්වා ඇති අතර, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට රජය යෝජනා කර තිබුණද, එය සිදුකිරීමට වතු හාම්පුතුන්ගේ සම්මේලනය තවමත් කැමැත්ත ප්‍රකාශකර නොමැත. එමෙන්ම එලෙස වැටුප් වැඩි කිරීමට නම් තවත් අතිරේක වැඩ ප්‍රමාණයක් කළයුතු බවද ඔවුන් දැනුම් දී තිබේ.
අමතර දලු කිලෝ 02ක්
මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී වතු හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා දැනුම් දී ඇත්තේ වැටුප් වැඩි කිරීමට නම් වතු කම්කරුවන් දෛනිකව අතිරේකව දලු කිලෝ 02ක ප්‍රමාණයක් ලබාදිය යුතු බවයි. එසේම මෙම සේවකයන්ට සේවය අවසානයේ පාරිතෝෂිත දීමනා ගෙවීමේදී ඔවුන් ප්‍රමාණවත් තරම් දෛනික රාජකාරී කර නැති බැවින්, සෑම සේවකයෙක්ම වසරකට දින 180ක් අනිවාර්ය සේවයේ යෙදිය යුතු බවට හාම්පුතුන්ගේ සම්මේලනය යෝජනා කරන බවද හෙතෙම දැනුම් දී තිබේ.
වතු කම්කරු වැටුප 1000 දක්වා වැඩි කිරීමේ අවසන් තීරණය ගැනීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ සඳහන් කළේය.
&වතු සේවක අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට අයවැයෙන් යෝජනා කළා. මේ ගැන සියලුදෙනා සමග පැවැති සාකච්ඡාවේදී හාම්පුතුන්ගේ සම්මේලනය යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. ඒ අතරින් වතු සේවකයන් දිනකට දලු කිලෝ දෙකක් ලබාදීම සහ දින 180 යෝජනාව පිළිගන්න පුළුවන්. කෙසේවුවත් වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට වන රජයේ තීන්දුව මොනම ආකාරයකින් හෝ වෙනස් කරන්න බැහැ. එසේම රුපියල් දහසේ අවම වැටුප ලබාදීමට නොහැකි යම්කිසි සමාගමක් ඇතිනම් එම වතු නැවත රජයට ලබාදෙන ලෙස අපි දැනුම් දුන්නා. එහෙම උනොත් රජය මගින් හෝ වෙනත් කළමනාකරණ සමාගමක් මගින් හෝ එම වතු පවත්වාගෙන යෑමට රජය සූදානම්.*
නීති තවම හදලා නැහැ
වතු කම්කරු වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී නීතියක් ඉදිරිපත් කරන බව අයවැය මගින් ප්‍රකාශ කළද, මෙතෙක් එම නීති සංශෝධනය කර නොමැති බව කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය. දෛනික වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමෙන් පසුව අදාළ කටයුතු සිදුකළ හැකි බවත්, වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය තීරණයක් ගත් පසුව එය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බවද හෙතෙම සඳහන් කළේය.
නෙළු දලු අඩු කිරීම සාධාරණ නැහැ
වැටුප් වැඩි කිරීම පිළිබඳ වතු කම්කරු නායකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවසුවේ මෙවැන්නකි.
වතු කම්කරුවන්ගේ මූලික වැටුප ලෙස රුපියල් 1000ක් ලබාදෙනවා කියලා පොරොන්දු වෙලා තමයි පසුගිය ජනාධිපතිවරණයට ගියේ. ජනාධිපතිවරණය ඉවරයි. පාර්ලිමේන්තු මැතිවරණයත් ඉවරයි. නමුත් අපේ ජනතාව ඒ පොරොන්දුව ඉටුකරනකල් බලාගෙන ඉන්නවා. 2020 ජනවාරි රුපියල් 1000ක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ මාර්තු මාසේ දෙනවා කිව්වා. ඊටත් පස්සේ අලුත් අවුරුද්ද ඉවර වුණාම දෙන්නම් කිව්වා. ඊට පසුව මුදල් ඇමතිවරයා වශයෙන් අගමැතිවරයා අයවැය කතාවේදී කිව්වා වතු කම්කරුවන්ට මූලික වැටුප රුපියල් 1000ක් 2021 ජනවාරි මාසේ ඉඳලා දෙනවා කියලා. ඒක ක්‍රියාත්මක කරන්න තව දවස් කිහිපයයි තිබෙන්නේ. මම හිතනවා ආණ්ඩුව බොරු කියන්නේ නෑ කියලා. එහෙම නැතිනම් ආණ්ඩුව මේකෙනුත් අසමත් වෙයි. ඒ නිසා අපට ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා ජනවාරි 01වැනිදා ඉඳලා මේ අහිංසක වතු ජනතාවට මූලික පඩිය රුපියල් 1000ක් දෙයි කියලා. ඒක දෙන්න ඕන. මේක අවුරුදු 5කට කලින් දුන්න පොරොන්දුවක්. ඊට පස්සේ මේ අලුත් ආණ්ඩුවත් පොරොන්දු වුණා. එතකොට මේක දේශපාලන පොරොන්දුවක්. මේක නිල වශයෙන් පාර්ලිමේන්තුවේදීත් අයවැය හරහා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා අපේ ජනතාව බලාපොරොත්තු වෙනවා රුපියල් 1000ක් ලැබෙයි කියලා. අපි මේ ගැන කම්කරු අමාත්‍යාංශයේ සාකාච්ඡාවක් තිබ්බා. වතු හාම්පුතුවරුන්ගේ සංගමය මේ ගැන වෙන මතයක ඉන්නවා. මම ඉතාම ගෞරවයෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා රුපියල් 1000 ලබාදීමේ යෝජනාව ක්‍රියාත්මක කරන්න කියලා. වතු හාම්පුතුවරුන්ගේ සංගම් 22ටම ආණ්ඩුව නියෝගයක් දෙන්න කියලා. නියෝගයක් දුන්නම තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. අපි සියලුදෙනාම පිළිගන්න ඕන ජීවත් වෙන්න වියදම වැඩියි. එහෙම වෙලාවක බොහොම අඩුවෙන්ම වැටුප් ගන්න ජනතාවක් බවට මේ වතු ජනතාව පත්වෙලා. හැම භාණ්ඩයක්ම මිල වැඩියි. වතුවලට යද්දි මේ භාණ්ඩවල මිල දෙගුණ වෙනවා.
වතු ජනතාව කියන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න දායක වෙන, කවදාවත් ජාතිවාදය, ත්‍රස්තවාදය බිහිකරලා නැති, රටට ආදරය කරගෙන ජීවත් වෙන ජන කොට්ඨාසයක්. අපේ රටේ සිලෝන් ටී නම රැක ගන්න වෙහෙස වී වැඩ කරනා ජාතියක්. ඒ නිසා පොරොන්දු ඉෂ්ට කරන්න රජයට වගකීමක් සහ යුතුකමක් තිබෙනවා.
ඒ වගේම තමයි මේ වතු ජනතාව පරම්පරා පහකට වඩා ඒ කියන්නේ අවුරුදු 200කට වඩා ජීවත් වෙනවා. නමුත් මේ වතු ජනතාව කවදාවත් ආයුධ අතට ගත්තේ නැහැ. ත්‍රස්තවාදය බිහිකරන්න කටයුතු කළේ නැහැ. කිසිම වෙනසක් කළේ නැහැ. ශ්‍රී ලාංකිකයන් විදිහට ලංකාවේ සියලුදෙනා සමග අත්වැල් බැඳගෙන හොඳින් ජීවත් වුණා.
කොළඹ ජනතාවගෙයි, වතුකරයේ ජනතාවගෙයි ඡන්දය සමානයි. එහෙම නම් ඇයි මේ වැටුප තීරණය කරන්න විතරක් කොම්පැනිකාරයන්ට භාරදෙන්න හදන්නේ. අපි කොම්පැණිකාරයන්ට අයිති නැහැ. අපි අයිති මේ රටට. හාම්පුතුන්ගේ සංගමය කියන විදිහට ආණ්ඩුව නටනවද කියලා අපි දැනගන්න කැමතියි.
එදා ජනාධිපතිවරණය වෙලාවේදී මේ ජනතාවට රුපියල් 1500ක් දෙන්න සජිත් ප්‍රේමදාස මහත්තයා පොරොන්දු වුණා. වර්තමාන ජනාධිපතිවරයා පොරොන්දු වුණේ රුපියල් 1000ක් දෙන්න. කොහොම උනත් දැන් අවුරුද්දක් ගෙවිලා තියෙනවා. 1000 තාම නැහැ.
වතු කොම්පැණිකාරයන්ට මේක කරන්න බැරිනම් ආණ්ඩුවට තියෙන්නේ වතු කම්කරුවන්ට කුඩා තේ වතු ප්‍රමාණයක් බැගින් බෙදලා දෙන්නයි. එහෙම උනොත් ආර්ථිකය තවත් ශක්තිමත් වේවි. කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. අක්කර 05ක් 10ක් මේ වතු ජනතාවට දුන්නා කියලා එයාලා මේ ඉඩම උස්සගෙන කොහෙවත් යන්නෙ නැහැ. ඉන්දියාවට යන්නෙත් නැහැ, චීනෙට යන්නෙත් නැහැ. අවුරුදු 200ට වැඩිය වතු ජනතාව මේ රටේ ජීවත් වෙනවා. නමුත් අපි මේ රටේ ජනාධිපති වෙන්නෙත් නැහැ, අගමැති වෙන්නෙත් නැහැ. අපි ඒක දන්නවා. එහෙම උනත් අපි සිංහල ජනතාව සමග අත්වැල් බැදගෙන මේ රට ආරක්ෂා කරන්න සහෝදරත්වයෙන් ගමනක් යන පිරිසක්. ඒ නිසා අපි මේ ඉල්ලන්නේ අපේ අයිතිය. අපි වැඩකරන විදිහට පඩි දෙන්න කියලයි අපි කියන්නේ. වතු ජනතාවගේ ඡන්දයෙන් බලයට එන්න පුළුවන් නම් ඇයි එයාලගේ වැටුප් ප්රශ්නය විසඳන්න බැරි. අනිත් ඒක මේ වතු රජයේ ඉඩම්. ආණ්ඩුව තමයි කොම්පැණිකාරයන්ට දීල තියෙන්නේ. රජයේ දේපළ ගැන තීරණයක් ගන්න රජයට බැරි ඇයි? ජනවාරි 01දා ඉඳන් රුපියල් 1000 වැටුප දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කුඩා තේ වතු ලාභ ලබනවා නම් මහාපරිමාණ වතු පාඩු ලබන්න විදිහක් නැහැනේ. කුඩා පරිමාණ තේ වතු හිමියෝ ඉන්නෙ 25෴යි. 75෴ක් ඉන්නේ මහා පරිමාණ කොම්පැණිකාරයෝ. නමුත් තේ නිෂ්පාදනයෙන් 75෴ක්ම සිදුකරන්නේ කුඩා තේ වතු වලින්. ඒ නිසා මේ ඉඩම් 75෴ක් කම්කරුවන්ට බෙදලා දීලා කුඩා තේ වතු හිමියෝ කළා නම් මේ කර්මාන්තයත් රැකෙනවා. සිලෝන් ටී නාමයත් ආරක්ෂා වෙනවා. කාටවත් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. කාගෙන්වත් හිඟාකන්න ඕනෙත් නැහැ.
ඒ වගේම තේ වතු කම්කරුවන් පමණක් නොවෙයි සියලුම කම්කරුවන්ගේ වැටුප ගැසට් කරලා ප්‍රකාශ කරන්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලනවා. මොකද තේ, පොල්, රබර් මේ කුමන තැනක වැඩ කළත් කම්කරුවෝ කම්කරුවෝම තමයි.
මේ ඉල්ලීම ඉටු උනේ නැතිනම් අපි දැඩි ක්‍රියාමාර්ගයකට යනවා. දැන් අපිට හිටියත් එකයි, නැතත් එකයි. ඉස්සර මිනිස්සු වතුවල වැඩ කළේ ඉතාම භක්තියෙන්. නමුත් මේ කොම්පැණිකරයන්ගේ වැඩ නිසා දැන් වතුවලින් ජනතාව ඈත්වෙමින් ඉන්නවා. ලක්ෂ 12ක් පමණ හිටපු වතු කම්කරුවෝ අතරින් දැන් ඉන්නේ ලක්ෂ 02ක් වගේ පිරිසක්. ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙන්නේ. සෞඛ්‍යයත් නැහැ, ආරක්ෂාවත් නැහැ. වතු කම්කරුවන් අතරින් 65෴ක් කාන්තාවෝ. ඔවුන් රැකගන්න කටයුතු කරන්න ඕන. මේ නිසා ආණ්ඩුව මේකෙන් අසමත් වෙන්නැතිව මේ ප්රශ්නය විසඳන්න කියලා මම කියන්න කැමතියි.
වැටුප් වැඩිකරන විට ඵලදායීතාවය වැඩි වෙන්න අවශ්‍යයි
හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැනි අදහසකි.
මේ සම්බන්ධයෙන් යෝජනාවක් කම්කරු ඇමතිතුමාට ලබාදී තිබෙනවා. එය වෘත්තීය සමිතිවලට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ගැන දැන් කතා කරගෙන යනවා. මට කියන්න පුළුවන් එපමණයි.
වැටුප් වැඩිකරන විට ඵලදායීතාවය වැඩිවෙන්න අවශ්‍යයි. ඒ අනුව යෝජනා කිහිපයක් සිදුකරලා තියෙනවා. ඒ සඳහා වෘත්තීය සමිති එකඟවෙයි කියලා අපි අදහස් කරනවා. කෙහොම උනත් මේ කර්මාන්තයේ වියදම් සෑහෙන්න වැඩියි. ඒ ගැන සලකා බලන්නත් ඕන.
කෙසේ වෙතත් සිලෝන් ටී නාමය රැක ගැනීමට වෙහෙසෙන වතු කම්කරුවන්ගේ හෙට දවස වෙනුවෙන් රජයේ වග වීම මීට වඩා ශක්තිමත් විය යුතු බව අපගේ හැඟීමයි.
popular news
Demuni Uduwara Wednesday, 30 December 2020 09:34 PM
If wages computed on cost of living index was existed today their wages would have been exceeded Rs.1000/- today. It was abolished in 1992 with the intervention of CWC
Reply : 0 0
Demuni Uduwara Wednesday, 30 December 2020 10:21 PM
On what grounds Mahinda Rajapaksa say about Rs.1000/- wage increase. Employees Federation can talk. But in this instance their position is correct. Re-establish the wages according to the cost of living index.
Reply : 0 0
Don Saturday, 02 January 2021 05:09 PM
It is not a dream but worst betrayal of the century !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd