අයවැයෙන් වැඩි කරන ලද රුපියල් 1000 සේ වතු කම්කරු වැටුප මේ මාසයේ (පෙබරවාරි) නොදෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට පැමිණීමට සිය සංගමය තීරණය කළ බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අද (6 ) උදේ ඇල්පිටියේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
එහිදී තවදුරටත් කතා කළ ගාල්ලගේ මහතා මෙසේද කීවේය.
වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කර ගැනීමට දැන් ඉවසුවා හොදටම ඇති.ඒ වෙනුවෙන් බලා සිටියාත් හොදටම ඇති.වතු කම්කරුවන් හා බැදුණු සියලුම වෘත්තීය සමිතිත් එක්ක ඒකාබද්ධ වෙලා නුදුරු දිනකම දැවැන්ත වැඩ වර්ජනයයකට එළබෙනවා.ඒ වෙනුවෙන් දැවැන්ත අරගලයක් ගෙනියනවා.
දැනටමත් වතු කම්කරුවන්ගේ සියයට පනහක් පමණ මේ වෙනුවෙන් වැඩ වර්ජනයේ යෙදී සිටිනවා. ඉදිරියේදී සියලුම වතු කම්කරුවන් ඒකරාශී කොට දිවයින පුරාව දැවැන්ත වැඩ වර්ජනයකට යනවා. ඒක කාටවත් නවත්වන්න බැහැ. වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනයෙන් රටට එන විදේශ විනිමය අහිමිවීමේ වගකීම වතු කම්කරුවන්ට රුපියල් 1000 නොදෙනෙ වතු හාම්පුතුන් භාරගත යුතුයි.
වතු කම්කරු වැටුප 1000ස නොදීම වෙනුවෙන් දැනට වැඩ වර්ජනයට නොයෙදී සිටින්නේ පොහොට්ටුවේ වතු කම්කරු වෘත්තීය සමිති හා රජයට පක්ෂපාතී වෘත්තීය සමිති ඉතාමත් සීමිත සංඛ්‍යාවක් පමණයි. ඉදිරියේදී මේ වෘත්තීය සමිතිත් අප සමග එක්වීමට කැමැත්ත පළ කරලා තියෙනවා. එවිට අපිට වතු හාම්පුතුන්ට දැනෙන විදිහේ ඔවුනට රිදෙන විදිහේ දැවැන්ත වැඩ වර්ජනයකට යන්න පුලුවන්.
අපි මේ කරන්නේ රජය පෙරලීමේ සටනක් නොවෙයි .අහිංසක වතු කම්කරුවන් වන අපගේ සොච්චම් වැටුපට රුපියල් 250ක් එක් කර ගැනීමටයි.එහෙමත් නැත්නම් වතු හාම්පුතුන් දැනට දෙන රුපියල් 750 දෛනික වැටුප රුපියල් 1000ස දක්වා වැඩි කර ගැනීමටයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත