වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අද (10) තලවකැලේ නගරයේදී විරෝධතාවයක නිරත වුහ.
වැඩිකරන ලද රුපියල් 700ක දිනක වැටුප වර්තමාන ආර්ථික තත්ත්වය අනුව වතු කම්කරුවන්ට ප්‍රමාණවත් නොමැති බවත්, අත්සන් කරන ලද වැටුප් ගිවිසුම හකුලා දමා රජය හා වතු සමාගම් එකතුව වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000ක් දක්වා කඩිනමින් වැඩි කිරීමට පියවර ගත යුතු බව විරෝධතාවයේ නිරත වෘත්තීය සමිති නියෝජිතයන් මෙහෙදී පැවැසුහ.
බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව මෙම විරෝධතාවය තලවකැලේ බස් නැවතුම්පොළ අසලදී පවත්වන ලදි.