කොවිඩ් 19 වෛසරයේ ඇති අවධානම සහ එම අවධානමෙන් මිදිමට පිළි පැදිය යුතු කරුණු සම්බන්ධයෙන් වතු කම්කරුවන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (29) දින සිදු කළහ.
නුවරඑළිය මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩි.එම්.එස්.පි ඇල්පිටිය මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් කැළණිවැලි වැවිලි සමාගමට අයත් නුවරඑළිය පිඩ්රු වත්තේ සේවයට වාර්තා කර ඇති වතු කම්කරුවන් සහ වතු කාර්යය මණ්ඩලය මෙසේ දැනුවත් කෙරිණ.
ඇදිරි නීතිය පනවා තිබු කාලයේදි පවා වතුකම්කරුවන් තේ වතු ආශ්‍රිතව තේ දලු නෙලිමේ කටයුතු වල නියැලි සිටි අතර එම වතු කම්කරුවන් කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමින් වළැකි සිටිමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් නිසි දැනුවත් විමක් නොමැති නිසා වතු පාලන අධිකාරියේද ඉල්ලිම පරිදි වතු කම්කරුවන් දැනුවත් කිරිමට පියවර ගත් බවයි නුවරඑළිය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
තේ වතු ආශ්‍රිතව වැඩ කරන සැම වතු කම්කරුවෙකුම පළාත් පාලන ආයතන වල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සම්බන්ධ කර ගනිමින් දැනුවත් කිරිමට පියවර ගන්නා බව නුවරඑළිය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩි.එම්.එස්.පි ඇල්පිටිය මහතා කියා සිටියේය.