වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහස දක්වා වැඩි කිරිමට රජය ගත් පියවර ප්‍රශංසනිය බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික සහ හිටපු පා.ම සුනිල් හදුන්හෙට්ටි මහතා පැවසිය.
සුනිල් හදුන්හෙට්ටි මහතා ඒ බැව් කියා සිටියේ (09) දින හැටන් ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සුනිල් හදුන්හෙට්ටි මහතා කියාසිටියේ වතු කම්කරුවන් සහ වෘත්තිය සමිති දිර්ඝ කාලයක් සිදු කල අරගලයක ප්‍රතිඵලයක් ලැබි ඇති බවයි.
වතු සමාගම් වලට සහයෝගය දැක් වු ඇතැම් වෘත්තිය සමිති සහ ඇතැම් පාලකයන් නිසා වතු කම්කරුවන්ට රු දහසක දෛනික වැටුපක් ලබාදිම ප්‍රමාද වු බවයි සුනිල් හදුන්හෙට්ටි මහතා කියා සිටියේ.
වැටුප් පාලක සභාවක් හරහා වතු කම්කරුවන්ට රු දහසක වැටුපක් ලබාදිමට අනුමැතිය ලැබිමත් සමග වතු හාම්පුතුන් සහ වතු වෘත්තිය සමිති මෙතෙක් කල් අත්සන් කර තිබු අවබෝධතා ගිවිසුම බල රහිත වන බවත් , එම අවබෝධතා ගිවිසුමේ තිබු වතු කම්කරුවන්ගේ සුබ සාධන සහ සෞඛ්‍ය පහසුකම් ලබාදිමට රජය කටයුතු කල යුතු බවද සුනිල් හදුන්හෙට්ටි මහතා කියා සිටියහ.
වතු සමාගම්වලට මෙම නව වැටුප් වැඩි කිරිමට අදාල වැටුප ලබා දිමට හැකියාව ඇති බවත්,තේ ආර්ථිකය තුලින් වතු සමාගම් විශාල වශයෙන් ලාභ ලබන බවයි සුනිල් හදුන්හෙට්ටි මහතා මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් කියා සිටියේ.