තලවාකැලේ ශා/කුම්බස් වතුයායේ හා තේ පරික්ෂනාගාරයේ (T.R.I.) කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි ගැබිනි මව්වරුන් දෙදෙනකු ඇතුළු 66 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයේ කරන ලද පි. සි. ආර්. පරික්ෂන 213කින් මෙම ආසාදිතයන් 66 දෙනා හමුව ඇති බවත්ය.
මෙම ආසාදිතයන් 66 දෙනා අතරින් ආසාදිතයන් 54 දෙනකුම ශා/කුම්බස් වතුයායෙන් හමුව ඇති බවත් සෙසු ආසාදිතයන් අතර එන්නත් මාත්‍රා එකක්, හා මාත්‍රා දෙකම ලබා ගත් කිප දෙනකුම සිටින බවද ඔහු පවසන ලදි.
මෙසේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයන් අතර සිටින ගැබිනි මවුවරුන් දෙදෙනා කඩිනමින් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කරන බවත් අනිකුත් ආසාදිතයන් ඔවුන්ගේ නිවෙස්වල තබා ප්‍රථිකාර කිරිමට පියවර ගන්නා බවත් එම ආසාදිතයන් පිලිබදව නිරන්තරයේ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා