වත්තල ප්‍රදේශය තුළ අද දින (16 ) කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු වාර්තා වුන අතර වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසය තුළ මේ වන විට කොරෝනා වෛරස ආසාදනයට ලක්වුවන් ගේ ගණන 774 දක්වා වැඩිවි ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි යු ඇසෙන්ඩා මහත්මිය පැවසුවාය.
වත්තල මාබෝල නගර සභාවට අයත් පල්ලිය පටුමග සිමාව තුලින් පමණක් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු අද දින හදුනාගෙන ඇති බවද ඇය වැඩි දුරටත් පැවසුවාය.
මේ වනවිට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසයට අයත් ග්‍රාම නිලධරි වසමි 13 ක 2500 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති බවද වෛද්‍ය වරිය පවසා සිටියාය.
වත්තල ප්‍රාදේශිය ලේකමි පී.ඒ.සි.රජිකා,වත්තල මාබෝල නගර සභාfවි සභාපති ත්‍යාගරත්න අල්විස්,වත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත් සිලෝගම,නගර සභාfවි උප සභාපති කේ.ප්‍රකාශ්,නාගරික මන්ත්‍රි ආර්. විජේකුමාර් යන අයගේ ප්‍රධානත්වයෙන් නිරෝධායනයට යොමුකර ඇති ජනතාවට වියලි ආහාර මලු බෙදා දිfමි වැඩ සටහන් fමි දිනවල පවත්වා ගෙන යනු දක්නට ඇත.
ජාඇල තිස්ස කොටින්කඩුව – වත්තල සරත් චිනතක