වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
ඕනෑම ගැටලුවක් සාකච්ඡා කර විසඳාගත හැකි බවත්, පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමට ලබන සතියේදී කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
එහෙත් තවමත් කිසිදු බලධාරියෙකු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමටවත් කටයුතු කර නොමැති බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරයි.
මේ නිසා ගැටලු විසදනතෙක් අඛණ්ඩව වැඩ වර්ජනය සිදුකරන බවද දුම්රිය නියාමකයන්ගේ සංගමයේ ලේකම් පී.එම්.පී. පීරිස් මහතා සඳහන් කළේය.