වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහල දැමිමටත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරිමටත්, වත්මන් රජය යටතේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
අග්‍රාමාත්‍යයවරයා මේ බව කියා සිටියේ ඉන්දියානු හා ශ්‍රි ලංකා රජයේ රු මිලියන 175 වියදමින් බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ ඉදි කල වතු නිවාස 155ක් අද (24) වතු කම්කරු අයිතියට පත් කිරිමෙන් අනතුරුව එම වතුයායේ ක්‍රිඩාංගණයේදි පැවති ජන හමුව අමතමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා,
රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට තිබෙන අයිතිවාසිකම් වතුකරයේ ජනතාවටත් ලබාදිමට එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කර ඇති බවයි.
බගවන්තලාව ප්‍රදේශයේ මැණික් කර්මාන්තය දියුණු කිරිමටත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමටත් කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය.
වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදිවන නව නිවාස යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාවට නැංවිම වත්මන් රජයේ අපෙක්ෂාව බවද අග්‍රාමාත්‍යයවරයා කියා සිටියේ.
මෙම නිවාස යෝජනා ක්‍රමය වතු කම්කරු අයිතියට පත් කිරිමේ අවස්ථාවට කදුරට නව ගම්මාන යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් , ශ්‍රි ලංකා ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින් සන්ධු මහතාද සහභාගි විය.