රජය මගින් උඩරට වතුකරයේ ඉඳි කිරීමට යෝජිත නව විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීමට සැලැසුම් කොට ඇති හැටන්, කොටගල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා ඊයේ (12) නියලිණි.
එහිදී අමාත්‍යවරයා නව විශ්ව විද්‍යාලය ඉඳි කිරීමට සැලැසුම් කොට ඇති කොටගල ප්‍රදේශයේ පිහිටි ඉඩම් හා ඒ සම්බන්ධ ගැටලු මෙන්ම අනෙකුත් කරුණු සම්බන්ධයෙන් නිලධාරීන් හා කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවකද නිරත වුහ.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන්, කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමණී ප්‍රසාද්, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.