වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් ලංකා කම්කරු කොන්ග්රසය විසින් වතුකරය පුරා ආරම්භ කර ඇති වැඩ වර්ජනය දෙවන දිනටත් වතුකරය පුරා ක්රියාත්මක වෙමින් පවති.
කම්කරු ජාතික පෙරමුණ, කම්කරු ජාතික සංගමය, කදුරට ජනතා පෙරමුණ ඇතුළු වතුකරය නියෝජනය කරන තවත් වෘත්තීය සමිති ගණනාවක සමාජිකයන් අද දින සුපුරුදු පරිදි තේ වතු වල දෛනික රාජකාරි කටයුතු සදහා වාර්තා කර ඇති බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.
ඊයේ දින සුපුරුදු පරිදි තේ වතු වල සේවයට වාර්තා කර ඇති වතු කම්කරුවන් කියා සිටියේ තමන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි විය යුතු බවත්, වැඩ වර්ජනය කරමින් වතු සමාගම්වලට බලපැම් කිරීමෙන් ලබන මස තම වැටුප නොලැබිමෙන් තමන්ට ආර්ථික ගැටලු රැසක් මතු වන බවයි.
තම වෘත්තිය සමිති නායකයින් විසින් සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන ලෙස කල ඉල්ලිමක් මත අද දින තමන් සේවයට වාර්තා කල බවයි වතු කම්කරුවන් කියා සිටියේ.
තේ වතු වල දෛනික කටයුතු සදහා අද දින වාර්තා කල වතු කම්කරුවන් තේ වත්ත සුද්ධ පවිත්ර කිරිමේ කටයුතුවලට යෙදවු බවයි වතු අධිකාරිවරුන් පවසා සිටියේ.
හැටන් - රංජිත් රාජපක්ෂ