තම දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් ආගරපතන, හෝමුඩ්වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද දින උද්ඝෝෂණයක නිරත වුහ.
වර්තමාන ජීවන වියදමට සරිලන ලෙස තම වැටුපද ඉහළ දමන ලෙසත්, දැනට ලැබෙන දෛනික වැටුප ප්රමාණවත් නොවන බවත්, උද්ඝෝෂණයේ නිරත වතුකම්කරුවන් පැවැසීය.
රජය හා වතු සමාගම් තමන්ගේ වැටුප වැඩි කිරීම සඳහා කිසිඳු ක්රියාමාර්ගයක් නොගන්නා බවත්, කඩිනමින් තම වැටුප වැඩි කිරීමට බලධාරීන් පියවර ගන්නා ලෙසත් උද්ඝෝෂණයේ නිරත පිරිස් පැවැසීය.
පෝස්ටර් ප්රදර්ශණය කරමින් හා ටයර් පුළුස්සමින් හෝමුඩ් වත්තේ වතු කම්කරුවන් විශාල පිරිසක් මෙසේ උද්ඝෝෂණයේ යෙදිණි. එම වත්තේ වතු කම්කරුවන් අද දින වැඩට නොගොස් වර්ජනයේද යෙදිණි.
ශාන් හුලංනුගේ