උඩරට වතුකරයේ වතුකම්කරුවන්ගේ වැටුප් ගැටලුවට සහාය දක්වමින් කොටගල, ගුරු විදුහලේ ගුරු සිසුහු පිරිසක් අද (26දා) කොටගල නගරයේදී විරෝධතාවක නිරත වූහ.
පෝස්ටර් හා කළුකොඩි ප්රදර්ශනය කරමින් ගුරු සිසුහු විශාල පිරිසක් නුවරඑළිය - හැටන් මාර්ගයේ කොටගල, ගුරු විදුහල අසල මෙම විරෝධතාව පැවැත්වූහ.
වතුකම්කරුවන්ගේ දෛනික වැටුප දහසක් දක්වා වැඩි කිරීම සාධාරණ බවත්, එබැවින් රජය හා වතුසමාගම් එක්ව වතුකම්කරුවන්ට සාධාරණයක් කිරීමට පියවර ගත යුතු බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
ශාන් හුලංනුගේ