තම දෛනික මුලික වැටුප රු. 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් මස්කෙළිය සහ නොර්වුඩ් ප්රදේශවල වතු කම්කරුවන් ප්රධාන මාර්ගවලට පිවිස යළිත් (01දා) විරෝධතාවක නිරත විය.
මේ මස 6 වෙනි දිනට එළඹෙන දිපාවලි උත්සවයට ප්රථම තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කර හිඟ වැටුප් සමග ලබාදිමට වතු වැවිලිකරුවන්ගේ සංගමය සමග සාකච්ඡා කරන වතු එකාබද්ධ වෘත්තිය සමිතියේ සමාජිකයන් කටයුතු කළ යුතු බව ඔවුහු පැවැසූහ.
හැටන් රංජිත් රාජපක්ෂ