වතු කම්කරුවන්ගේ වැටුප රු.දහසක් දක්වා වැඩි කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ලංකා කම්කරු කොන්ග්රසය විසින් අද (12) කොටගල ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගණයේ සංවිධානය කර තිබු ජනාධිපතිවරණ ප්රචාරක රැළියක් අමතමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා ,
තොණ්ඩමන් මහතා අපි සමග සාකච්ඡා කළේ වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහළ ගෙන ඒම පිළිබඳව. එ ප්‍රතිපත්ති මාලාවට තමයි අපි එකඟ වුණේ. අපි සාකච්ඡා කළේ ග්‍රාමිය ප්‍රශ්න , නිවාස ප්‍රශ්න ,පාසල් ප්‍රශ්න , නගර සංවර්ධන ප්‍රශ්න , වතුකරයට විශ්ව විද්‍යාලයක් වගේ ප්‍රශ්න ගොඩක් අපි සාකච්ඡා කලා. අපිට ඔබලාගේ ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් තියෙනවා.
තරුණයන් විශාල ප්‍රමාණයක් විශ්ව විද්‍යාලය ගිහින් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවා. එ නිසා අපි පාසල් සංවර්ධනය කරන්න ඕනි. මම තරුණයන් සමග සාකච්ඡා කලා. එ අය ඉල්ලා සිටින්නේ මේ පළාතෙම විශ්ව විද්‍යලයක් ඇති කරන්න කියලා. අපි ප්‍රතිපත්ති මාලාවේ අධ්‍යාපනයට විශාල අයෝජනයක් කරනවා. අපි අලුත් විශ්ව විද්‍යාලය ඇති කරනවා . මේ පළාතේ ඔබේ දරුවන්ට පහසුවෙන් විශ්ව විද්‍යාලයකට ඇතුලත් විමට හැකි වෙන පරිදි විශ්ව විද්‍යාලයක් අපි ඉදි කරනවා.
මේ පාසල් වලට අවශ්‍ය ගණිතය ඉංග්‍රිසි විද්‍යාව විෂයන් සදහා ගුරුවරුන් අපි ලබා දෙනවා. මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවගේ ජිවන තත්ත්වය ඉහළට ගෙන ඒම වැදගත් දෙයක්. තේ කර්මාන්තය අද පහළ තත්ත්වයකට වැටිලා. අපි විශේෂයෙන්ම වැවිලි කර්මාන්තය දියුණු කරන්න ඕනි. තේ කර්මාන්තය දියුණු කළොත් තමයි තේ වතු වල වැඩ කරන ජනතාවගේ ජිවන තත්ත්වය දියුණු වෙන්නේ.
තේ කර්මාන්තයට නිසි දැක්මක් නැති නිසා පිටරටින් බාල තේ ගෙනල්ලා අපේ ගුණාත්මක තේ සමග කවලම් කර පිටරටට යවන නිසා අපේ තේ සිලොන් ටි වලට තිබුණ ඉල්ලුම අඩු වෙලා තියෙනවා. අපි තේ වැවිලි සමාගම් වල කළමනාකරුවන් එක්ක, වතු අධිකාරිවරුන් එක්ක සාකච්ඡා කලා. එ අයට පෙන්වලා දුන්නා තේවගාවට තියෙන ප්‍රශ්න ගැන.
එ නිසා අපි මේක නතර කරන්න ඕනි. තේ කර්මාන්තය දියුණු කරන්න ඕනි. රාජ්‍ය අනුග්‍රහය මම ලබා දෙනවා. එතකොට තමුන්නාන්සේලාගේ ජිවන තත්ත්වය වැඩි වැඩියෙන් ඉහළට ගෙන්න පුළුවන්. හැමදාමත් තමුන්නාන්සේලාට පොරොන්දු දිලා තියෙනවා . නිවාස හදලා දෙනවලු , එ වුණාට තවමත් ඉන්නේ පරණ නිවාස වලම. එ වුණාට අපි කවදත් පොරොන්දු ඉටු කලා. එ නිසා මම පොරොන්දු වෙනවා මගේ ධුර කාලය අවසන් විමට පෙර ඔබලාට හොඳ නිවාස ඉදි කරලා දෙනවා කියලා.
අපි තොණ්ඩමන් මහාතා සමග සාකච්ඡා කලා රෝහල් දියුණු කරලා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ලබා දෙන්නට . මේ පළාතේ යටිතල පහසුකම් දියුණු කරන්න ඕනි. මේ පළාතේ තරුණ තරුණියන්ට රැකියා ඇති කරන්න අපි මේ පළාත තුළ සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඕනි. මට තරුණ තරුණියන් කිව්වේ එ අයට හැමවෙලාවෙම ලැබෙන්නේ උගන්වන රැකියා විතරයි කියලා. නමුත් අපි පොරාන්දු වුණා එ අයට එ අය නිපුණත්වය දරන ක්ෂේත්රයේ රජයේ රැකියාවක් ලබා දෙන්න. ලංකාවේ ජිවන බරින් ,දුප්පත්කමින් ජිවත් වන පිරිසක් ඉන්නවා. එ අයට අපි සහන මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. මේ වැටිලා තියෙන ආර්ථිකය ගොඩගන්නකම් අපි එ කටයුත්ත සිදු කරනවා.
මෙම රැළියට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් , මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක , නුවරඑළිය දිස්ත්‍රික් පා.ම සි.බි රත්නායක , පා.ම දිනේෂ් ගුණවර්ධන , පා.ම උදය ගම්මන්පිල , මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ යන මහතුන් සහභාගි විය.
මෙම රැළියට වතුකරයේ ජනතාව විශාල පිරිසක් සහභාගි වුහ.